ජල බිලද වැඩි වෙන ලකුණු…

ඉදිරි කාලය තුළ ජල ගාස්තු වැඩි කිරීමට සිදුවන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.

පසුගියදා වැඩි කරන ලද විදුලි බිල හේතුවෙන් ජල ගාස්තුව ඉහළ දැමීමට සිදුවන බව අමාත්‍ය තොණ්ඩමන් මහතා පෙන්වා දුන් බව මව්බිම පුවත්පත වාර්තා කරයි.

තොණ්ඩමන් සඳහන් කළේ ජල සැපයුම් පොම්ප පද්ධති ගණනාවක් ප්‍රධාන විදුලිබල පද්ධතියෙන් ලැබෙන විදුලිය මත යැපීම හේතුවෙන් මෙම වැඩිවීම සිදුව ඇති බවයි.

එමගින් විදුලි බිල ඉහළ යාම හේතුවෙන් ජල සම්පාදන මෙහෙයුම් සඳහා වන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ මූල්‍ය ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ජලය ආශ්‍රිත ව්‍යාපෘති සඳහා සූර්ය බලශක්තිය හඳුන්වා දීමට පියවර ගනිමින් සිටී,” ඔහු පැවසීය.

මෙම ගිවිසුමෙන් පසු ජල බිල අඩුවන බව ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පෙරේදා මාතලේ පැවති ජන හමුවකට එක්වෙමින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *