ජනාධිපති සහ අගමැති ජාතික ඉෆ්තාර් උත්සවය පවත්වයි.

රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් ඉස්ලාම් බැතිමතුන් විසින් සංවිධානය කරන ලද ජාතික ඉෆ්තාර් උත්සවය ඊයේ (18) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජාතික සංහිඳියාව සඳහා ආශිර්වාද කිරීමද එහිදී සිදු විය.

පසුගිය දශක කිහිපය තුළ ජාතික සමගිය ඇති කිරීමට මුස්ලිම් ජනතාව සක්‍රීයව දායක වූවා සේම එය අනාගතයට ගෙන යමින් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට දායක වන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

රාමසාන් උපවාස කාලය තුළ මුස්ලිම් ජනතාවගේ අධ්‍යාත්මික ශක්තිය ශක්තිමත් වන අතර ජාතීන් අතර සහජීවනය ඇති කිරීමට ද එය ඉවහල් වන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී ආගමික දේශන පැවැත්වූ ඉස්ලාමීය ආගමික නායකයින් වෙත සමරු සිහිවටන ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා අතින් සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *