Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

පළාත් පාලන මැතිවරණය පිළිබඳ නව ගැසට් පත්‍රයක් නිකුත් කරයි.

පළාත් පාලන මැතිවරණය පිළිබඳ නව ගැසට් පත්‍රයක් නිකුත් කරයි.
Local Government (LG) polls

අප්‍රේල් මාසයේදී නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි බවට සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ගැසට් නිවේදනයට අනුව 2023 අප්‍රේල් 25 දිනට නියමිත පරිදි මැතිවරණය පැවැත්විය නොහැකි බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීහු ප්‍රකාශ කර ඇත.

මහා භාණ්ඩාගාරය මුදල් ප්‍රතිපාදන ලබාදුන් පසු හෝ ශ්‍රේෂ්ඨාධිකරණය විභාග වෙමින් පවතින නඩුව සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදුන් පසු මැතිවරණය පැවැත්වීම සඳහා නව දිනයක් ප්‍රකාශයට පත් කරන බවද දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන මැතිවරණය 2023 මාර්තු 09 වැනි දින පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබුණද මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබා නොදීම හේතුවෙන් එය කල් දමන ලදී.

මැතිවරණය 2023 අප්‍රේල් 25 වැනි දිනට කල් තැබූ නමුත්, මැතිවරණයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ද පැවැත්වෙන අතර, මහා භාණ්ඩාගාරය මැතිවරණය සඳහා මුදල් වෙන්කර නොමැත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *