ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (10) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණයක නිරත විය. එළිමහනේ ඇවිදිමින් සිටි රක්ෂිත බන්ධනාගාරගත සිරකරුවන් සමග කතා බහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසන ලදී.
එහි රදවා සිටි බොහෝ දෙනෙක් මත්කුඩු හෝ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් බන්ධනාගාර ගතවූවෝ වෙති. රඳවා ගැනීමට ඉඩ ඇති සංඛ්‍යාවට වඩා තුන් ගුණයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව ඔවුහු කියා සිටියහ. වැරදි තොරතුරු මත පදනම් වූ නඩු ගොනු කිරීමෙන් නඩු ඇසීමට විශාල කාලයක් ගතව ඇති බවත්, මේ හේතුවෙන් තමන්ට දිර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටීමට සිදුව ඇතැයි ද රැඳවියෝ ජනාධිපතිතුමා ඉදිරියේ කියා සිටියහ.
මේ පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කළේය.