කොදෙව්වෝ දිවයිනට එති

එක්දින තරග 3 කින් සහ විස්සයි20 තරග 2 කින් සමන්විත ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ඊයේ (10 වැනිදා) දිවයිනට පැමිණියේය.

ඉන් පළමු එක්දින තරගය දිවා තරගයක් ලෙස පෙබරවාරි මස 17 කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැතිවෙන අතර දෙවැනි තරගය 26 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීද, තෙවැනි තරගය මාර්තු මස 1 වැනිදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදීද දිවා-රාත්‍රී තරග ලෙස පැවැත්වේ.

විස්සයි20 තරග දෙක මාර්තු මස 3 වැනිදා සහ 6 වැනිදා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

තරගාවලිය ආරම්භ වීමට පෙර කොදෙව් කණ්ඩායම, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට එරෙහිව පෙරහුරු තරග 2 කටද සහභාගී වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *