පස්වන ඉන්දියානු සාගර සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.
සමුළුවට පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හිදීය.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සාමාන්‍ය මගී පර්යන්තය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි සිටි ගුවන් මගීන් සමග කතාබහක ද නිරත විය.
ඉන්දියානු සාගරය ආශ්රිත රාජ්‍යවල සහ එම සාගරය බහුලව භාවිත කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාශ හා ගැටලුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් 2016 වසරේදී “ඉන්දියානු සාගර සමුළුව” ආරම්භ කෙරිණි.
මෙහි සිව්වන සමුළුව 2019 වසරේ මාලදිවයිනේදී පැවැති අතර එහිදී “ඉන්දියානු සාගර කලාපයේ සුරක්ෂිතතාව හා සම්ප්‍රදායික නොවන අභියෝග” පිළිබඳ පුළුල් ලෙස සංවාදයට ගනු ලැබිණි.
“පරිසරය, ආර්ථිකය, වසංගතය” යන්න තේමා කර ගනිමින් පස්වන සමුළුව හෙට (04) සහ අනිද්දා (05) දෙදින තුළ අබුඩාබිහි දී පැවැත්වේ.
මෙවර සමුළුවේ සමාරම්භක දේශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකිරීමට නියමිතය.
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්ව සිටිති.