අද දින සිට සිදුවන විදුලි කප්පාදු

අද (4) සිට දින කිහිපයක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පැයක පමණ කාලයක් විදුලි සැපයුම අත්හිටුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව නොරොච්චෝලේ බලාගාරය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වනතුරු දිනපතා පස්වරු 6.00 සිට රාත්‍රී 9.30 දක්වා දින කිහිපයක් විදුලි සැපයුම අත්හිටුවිය හැකියි.

විදුලිය විසන්ධි වීමත් සමඟ සියලුම විදුලි ජාල උපපොළවල මෙහෙයුම් ඊයේ සාමාන්‍ය තත්ත්වයට පත් විය.

කෙසේ වෙතත්, නොරොච්චෝලේ බලාගාරයේ ද විදුලිය විසන්ධි වීම හේතුවෙන් ඇණහිට ඇති බවත්, එය යථා තත්ත්වයට පත් කිරීමට අවම වශයෙන් දින තුනක් ගතවනු ඇති බවත් අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *