lk reports news sinhala

ජනපතිවරණයේදී කළ යුතු දේ ඥානසාර හිමියෝ කියති

ජාතියම එක රොදකට ගොනු කිරීම මෙවර ජනාධිපතිවරණයේ ප්‍රමුඛතම කාර්යය විය යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති. උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙවර ජනාධිපතිවරණයේ දී තම සංවිධානයේ ප්‍රතිපත්තිවලට එකඟවන අපේක්ෂකයාට සහය දැක්වීමට සූදානම් බවයි.

නුගේගොඩ ප්‍රදේශයේ පැවති තරුණ හමුවකට එක්වෙමින් ඥානසාර හිමියෝ මෙම අදහස් පළ කළහ.

පක්ෂ, පාට, ලාංඡන අතහැර ජාතිය වෙනුවෙන් එක්වන ලෙසද භික්ෂුන් වහන්සේලාගේ වගකීම පවතින පක්ෂ වලට නායකයින් සෙවීම නොව රට ගොඩනැඟිය හැකි ජාතික නායකයෙක් ගොඩනැගීම බවත් උන්වහන්සේ කියා සිටියහ.

පරම්පරාවෙන් පරම්පරාවට යන පවුල් පාලනය නතර කළ යුතු බවත් හැකියාවට තැන දෙන පරපුරක් තැනිය යුතු බවත් උන්වහන්සේ පැවසූහ. බොදු බල සේනාවට ඇත්තේ ජාතික වැඩ පිළිවෙලක් බවත් වඩාම හොඳ අපේක්ෂකයා සොයා බලා පක්ෂය ලාංඡනය අතහැර දමන ලෙස පවසන බවත් එම නායකයාව ඔසවා තැබීමට කටයුතු කරන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *