LK reports news sinhala

අතේ පස් දෙනකුට වැඩ වරදියි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වී වෙනත් පක්ෂවල සාමාජිකයන් වූ මන්ත්‍රීවරු 05 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය ඉදිරි දින දෙක තුන තුළදී තහනම් කිරිමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මහ ලේකම්වරයා එසේ ප්‍රකාශ කරනු ලැබුවේ මාතලේ ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

ඒ.එච්.එම් ෆවුසි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, එස්.බී දිසානායක, ඩිලාන් පෙරේරා හා විජිත් විජේමුණි සොයිසා යන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය. ඒ අනුව ඉදිරි දින දෙක තුන ඇතුළත අදාළ ලිපි ඔවුන්ට යොමු කිරිමට නියමිත බවත් ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ෆවුසි හා විජිත් විජයමුණි පසුගිය දා එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කළ අතර ඉතිරි තිදෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය පළ කළහ.

(Image – Daily News)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *