Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගේ විශ්‍රාම වැටුප පක්ෂයේ පොදු අරමුදලට බැර කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගේ විශ්‍රාම වැටුප පක්ෂයේ පොදු අරමුදලට බැර කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් වසර 13ක කාලය තුළ රුපියල් කෝටි 24ක විශ්‍රාම වැටුප් ලබාගෙන ඇති බවට පළවන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගේ විශ්‍රාම වැටුප පක්ෂයේ පොදු අරමුදලට බැර කළ බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලේඛනයකට අනුව විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 266 දෙනෙකු පමණ විශ්‍රාම වැටුප සඳහා සුදුසුකම් ලබා ඇති බවත් ඉන් 11 දෙනෙකු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් බවත් ඔහු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

“ජවිපෙ හිටපු මන්ත්‍රීවරුන් පසුගිය වසර 13ක කාලය තුළ රුපියල් මිලියන 240ක් විශ්‍රාම වැටුප් ලෙස ලබාගෙන ඇති බවට එල්ල වූ චෝදනාව පදනම් විරහිත සහ සත්‍ය වශයෙන්ම වැරදියි. ජවිපෙ හිටපු මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගේ විශ්‍රාම වැටුප පක්ෂයේ පොදු අරමුදලට බැර කළා,” ඔහු පැවසීය.

ජාතික ජන බලවේගයේ (NPP) රජයක් යටතේ සියලුම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප සම්පූර්ණයෙන් අහෝසි කරන බව පැවසූ වෛද්‍ය ජයතිස්ස, මේ නිසා බියට පත් මන්ත්‍රීවරුන් ජනතාව නොමග යැවීමට අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කරන බවද පැවසීය.

විශ‍්‍රාම වැටුප ලබාගැනීමට වසර 10ක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස කටයුතු කිරීම අනිවාර්ය කිරීමට වසර දෙකකට පෙර ගෙන ආ අයවැය යෝජනාවක් මෙතෙක් කි‍්‍රයාත්මක වී නොමැති බවයි ඔහු කියා සිටියේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *