ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීම සඳහා විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මෙරටට පැමිණෙමින් සිටින අතර අද(9) උදෑසනද විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් මෙරටට පැමිණි බව වාර්තාවේ.
ඒ පොදුජන පෙරමුණු ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය සහාය පළ කිරීම සඳහාය.
ඔස්ට්‍රේලියාවේ මෙල්බන්හි සිටි ගායන ශිල්පි රනිල් මල්ලවආරච්චි මහතාද ඊයේ(8) පස්වරුවේ UL 506 දරන ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් මෙරටට පැමිණියේය.
අද උදෑසන කුවේට්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් සිය මවුරටට පැමිණි බව මාධ්‍ය වාර්තා පවසයි.
UL 502 දරන ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් මෙරටට පැමිණි කුවේට්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් මාධ්‍යට අදහස් දක්වමින් සඳහන් කළේ සිය යුතුකම ඉටුකිරීම සඳහා මෙරටට පැමිණි බවයි.