හිටපු ජනපතිනියට වනාතවිල්ලුව රැස්වීමකදී විරෝ්‍ධය – දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක්

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වනාතවිල්ලුව කරතිව් ප්‍රදේශයේ පැවති රැස්වීමකට සහභාගි වූ අවස්ථාවේදී එහි රැඳීසිටි පිරිස් විරෝධය පළකළහ. අරුවක්කාලු කසල අංගනය පිළිබඳ හිටපු ජනාධිපතිනියගෙන් විමසූ අවස්ථාවේ මෙසේ උණුසුම් තත්වයක් ඇතිවී තිබේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජීත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරමින් කරතිව් නගරයේ පැවති රැළියකට චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබන පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි අතර මෙම රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

රැස්වීම අවසානයේ හිටපු ජනපතිනියගේ කතාව අවසන් කිරීමත් සමඟ අරුවක්කාලු කසල අංගනයට විරෝධය පළකරන පුත්තලම නගරයේ පිරිසක් කසල අංගනය පිළිබඳව ඇයගේ ස්ථාවරය විමසූ අතර එහිදී ඊට විසඳුමක් ඡන්දයෙන් පසුව දෙන බව ඇය කියා සිටියාය. නමුත් අරුවක්කාලු කසල අංගනයට විරෝධය දක්වන පිරිස් පවසා සිටියේ මේ වන විට කසල අංගනයේ පිපිරීම් පවා ඇතිවී ඇති බවත් ඒ සමඟම මෙවැනි ව්‍යාපෘති නිසා තවත් වසර පහකින් මේ ගම්මාන දමා යාමට ජනතාවට සිදුවන බවත්ය. එම අවස්ථාවේදී එයට විරෝධය දැක්වූ පිරිසකට තවත් පිරිසක් පහර දීමට සැරසුන අතර එම අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවූ බව වාර්තා වේ. පසුව හිටපු ජනපතිනිය වහා එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *