සජිත්ගේ අම්පාර රැළියේදී අමාත්‍ය දයා ගමගේට ජනතා විරෝධය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දිනවීමේ රැලියක් අම්පාර නගරයේදී පැවැති අවස්ථාවේ දී එහි වේදිකාවේ සිටි අමාත්‍ය දයා ගමගේ රැස්වීම ඇමතීමට සුදානම්වන විට රැස්ව සිටි ජනතාව හූ කියමින් විරෝධය පළ කළහ.
ඇමැතිවරයාගේ කථාවට දිගින් දිගටම බාධාකළ පිරිස නොනවත්වා සිය විරෝධය පළ කරනු දක්නට ලැබිණි.
එම අවස්ථාව මග හැරීමට රන්ජන් රාමනායක මහතා පැමිණ ගීතයක් ගායනා කරනු දැකිය හැකිවිය.
දයා ගමගේ අමාත්‍යවරයා නියෝජනය කරන්නේද අම්පාර දිස්ත්‍රික්කයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *