2020 විවාහක රූ රැජින ලෙස කිරුළු පැළඳි පුෂ්පිකා ද සිල්වා මහත්මියට සුළු තුවාල සිදුකිරීම, බියගැන්වීම, බලපෑම් කිරීම හා අභූත චෝදනා එල්ල කිරීම ඇතුළු චෝදනා යටතේ ඔවුන්ව අත්අඩංගුවට ගෙන පසුගිය අප්‍රේල් මස 8 වන දින පොලිස් ඇප මත නිදහස් කෙරුණි.
එම පැමිණිල්ල අද 19 කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබුණු අතර, එහිදී කුරුඳුවත්ත පොලිසියේ අධිකරණයට වාර්තා කළේ, එම ආරවුල හේතුවෙන් නෙළුම් පොකුණ රඟහලට රුපියල් ලක්ෂ හතරක පමණ අලාභයක් සිදුවී ඇති බවය.
එම අලාභ සිදුකිරීමේ සිද්ධියට තම සේවාදායකයන්ගේ සම්බන්ධයක් නොමැති බව කැරොලයින් ජුරි සහ චූලා පද්මේන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් දැනුම්දුන් අතර නඩුව ජූනි මස 28 වන දින යළි කැඳවීමට නියමිතයි.