ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මෙරටට පැමිණි චීන ආරක්ෂක අමාත්‍ය, ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වේ.
එමෙන්ම ඔහු, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද අද දිනයේ හමුවීමට නියමිත බව ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි චීන ආරක්ෂ අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා හෙට (29) පෙරවරුවේ මෙරටින් පිටත්ව යාමට නියමිතය.
චීන ආරක්ෂ අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා ඊයේ (27) රාත්‍රියේ මෙරටට පැමිණියේය.
ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ දී ඔහුව පිළිගනු ලැබීය.