චීනයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් දියතලාවට කදවුරට ගෙනඒමට තමා විරුද්ධ බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ප්‍රකාශ කරයි. වතුකරයේ ජනතාවගේ වතු නිවාස එක පෙළට පිහිටා තිබීමත් එම නිවාස වල විශාල ලෙස පදිංචිකරුවන් ජීවත්වීමත් හේතුවෙන්, යම් හෙයකින් මෙම වෛරසය එම නිවෙස් ආශ්‍රිතව පැතිරුණොත් මුළු වතුකරය පුරාමද පැතිරයාමේ අවදානමක් මතුවන බවත් ඒ මහතා පැවසීය. එමනිසා චීනයේ සිට මෙරටට පැමිණෙන පිරිස් දියතලාවට රැගෙන ඒම වහාම නතර කිරීමට කටයුතු කළ යුතු බවත් ඒ මහතා පැවසීය
එමෙන්ම කොරෝනා වෛරසය පිළිබඳව වතුකරයේ ජනතාව, දමිල භාෂාව දන්නා නිලධාරීන් යොදවා දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බවත් මේ සඳහා ඉතා ඉක්මනින් රජය මැදිහත් විය යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.