Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ක්‍රීඩා

චමින්ද වාස්ට IPL කණ්ඩායමක පුහුණුකාර තනතුරක්: දිල්ලි කැපිටල්ස් සමඟ එක්වීමට සූදානම්

චමින්ද වාස්ට IPL කණ්ඩායමක පුහුණුකාර තනතුරක්: දිල්ලි කැපිටල්ස් සමඟ එක්වීමට සූදානම්

ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් 2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට පෙර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස එක්වීමට නියමිත බව ඉන්දීය Sportstar පුවත් සේවය වාර්තා කරයි.

එම වාර්තාවට අනුව, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තවමත් චමින්ද වාස්ගේ පත්වීම නිල වශයෙන් නිවේදනය කර නොමැති නමුත්, ඔහු මේ වන විටත් නවදිල්ලියේ පැවැත්වෙන කණ්ඩායමේ සූදානම් කඳවුර සහ ක්‍රීඩක තේරීම් පරීක්ෂණ සඳහා එක්වී තිබේ.

51 හැවිරිදි චමින්ද වාස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 111කට සහ එක්දින ජාත්‍යන්තර තරග 322කට ක්‍රීඩා කර ඇති අතර, එහිදී පිළිවෙළින් කඩුලු 355ක් සහ 400ක් දවාගෙන තිබේ.

1996 ලෝක කුසලානය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු වූ වාස්, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසු පුහුණුකරුවෙකු ලෙසද විවිධ වගකීම් දරා තිබේ.

මේ අතර, හිටපු ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක අමිත් මිශ්‍රා ද දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස එක්ව ඇති බව Sportstar වාර්තා කරයි.

2027 IPL තරගාවලියට පෙර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ පුහුණුකාර මණ්ඩලයේ පුළුල් වෙනස්කම් සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ. ඒ අනුව හිටපු ඉන්දීය නායක සෞරව් ගංගුලි ප්‍රධාන පුහුණුකරු ලෙසත්, යුවරාජ් සිං සහකාර පුහුණුකරු ලෙසත් එක්වීමට නියමිත බවට වාර්තා පළ වී තිබේ.

කෙසේ වෙතත්, මෙම පත්වීම් සම්බන්ධයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මෙතෙක් නිල තහවුරු කිරීමක් සිදු කර නොමැත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *