LK reports news sinhala

ගෝඨා නැවතත් ඒකාබද්ධ විපක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස සම්මත කෙරේ

ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත වතාවක් සම්මත කරගැනීම අද (8) ජාතික නිදහස් පෙරමුණේ ජාතික මහා සමුළුවේදී සිදු කෙරුණි.

අද පස්වරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වූ එම සම්මේලනයට හිටපු ජනපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වූ අතර ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ ඇතුළු පිරිස එය සංවිධානය කර තිබිණි.

ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා විසින් රට හමුවේ ඇති අභියෝග 15ක් විසඳා ගැනීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කළ අතර පක්ෂ සමාජිකයින් විසින් එය සම්මත කිරීමෙන් පසුව පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් එම යෝජානාවලිය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබීය.‍

(Image – ada derana)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *