ගෝඨා නවතම සංකල්පයකට ඡන්දය කරන හැටි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර සිය මැතිවරණ ව්‍යාපාරය නවීන සංකල්පයකට සිදු කිරීමට තීරණය කර ඇති අතර ඔහු නායකත්වය දරනා වියත්මග සංවිධානය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් ශ්‍රී ලංකාවේ ප්‍රථම කාබනික විමෝචනය අවම කිරීමට ක්‍රියාත්මක කරවන සංකල්පයක් යටතේ සිදුවේ.

මෙහිදී ප්‍රචාරණ රැලි හේතුවෙන් සිදුවෙන කාබන්ඩයොක්සයිඩ් විමෝචනය ශුන්‍ය කිරීමටත්, පරිසර හිතකාමී අපද්‍රව්‍ය කළමනාකරණයක් සිදුකිරීමටත් පියවර ගනු ලැබේ.

එමෙන්ම මැතිවරණ ව්‍යාපාරය අවසානයේ ස්වාධීන ආයතනයක් මගින් කාබන් විමෝචනය ශූන්‍ය වූ බවට සහතිකයක් ලබාගැනීමත් සිදු කෙරේ. මෙම වැඩසටහනේ දෙවන පියවර ලෙස පසුගියදා කඩුවෙල පැවති රැළියට සමගාමීව දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ පැළ 500ක් සිටුවීමේ ව්‍යාපෘතියක් පවත්වා තිබේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී, පරිසරවේදී මහාචාර්ය සරත් කොටගම මහතා විසින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන මෙහෙයවීය. මහාචාර්ය ලක්දාස් ප්‍රනාන්දු, මහාචාර්ය හේමන්‍ති රණසිංහ සහ සමන්ත ගුණසේකර යන මහත්ම මහත්මීන්ද මෙම කර්තව්‍යයට මගපෙන්වීම සිදුකර තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *