පාස්කු ප්‍රහාර වාර්තාව පිළිගත නොහැකියි – මහින්ද කියයි

පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පක්ෂග්‍රාහී බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අද(24) පෙරවරුවේ මල්වතු, අස්ගිරි මහ නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් පළ කරමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ, ගෝඨාභය මහතා ජනප්‍රිය වන විට අධිකරණය මඟින් හෝ නැවැත්වීමට උත්සහ දරන බවයි.
ගෝඨාභය මහතා තර්ජනයක් බව එජාපය මුල සිට දැන සිටි බවත් කියා සිටියේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ අවසන් වාර්තාව පිළිගත නොහැකි යැයි පැවසීම ගැන අදහස් දක්වමින් කියා සිටියේ, වාර්තාව සකස් කරන කණ්ඩායමේ යම් යම් චෝදනා ලැබුවන් සිටින බවයි.
එවැනි චෝදනා ඇති අය, එකතු වෙලා වාර්තාවක් හදන විට එය පක්ෂාග්‍රාහී බවද පැවසු විපක්ෂ නායකවරයා, තව ඉදිරියට යන විට නොයෙක් බොරු ප්‍රචාරය ඇති විය හැකි බවද කියා සිටියේය.
එජාප රැලියක දී ප්‍රසිද්ධියේ තරුණයෙක්ට පහර දෙන අයුරු දුටු බවත් පැවසු ඒ මහතා, අපේක්ෂකයා ඒ දෙස බලා සිටින නමුත් නැවැත්වීමට කටයුතු නොකළ බවද පැවසීය.
මෙවැනි මැර දේශපාලනයක් ඔවුන් තමන්ගේම පක්ෂය තුළින් හඳුන්වා දෙන බවත් කියා සිටි මහින්ද රාජපක්ෂ මහතා, සුනඛයෝ වගේ එන අය පිස්සු සුනඛයෝ වගේ වැඩ කිරීම සුදුසු නැති බවත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *