LK reports news sinhala

ගෝඨාභය දිනන හැටි අලි සබ්රි පෙන්වයි

මුස්ලිම් ජනතාවට ආරක්ෂාවක් ලැබෙන්නේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පමණක් බව මහනුවර මඩවල දී පැවැති ජන හමුවකදී ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසා සිටියේය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අලි සබ්රි මහතා කියා සිටියේ රටේ පවතින දේශපාලනය අනුව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද ලක්ෂ 50ක් ලබාගත් අතර අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාගත් ඡන්ද ලක්ෂ 14ද, තොණ්ඩමන් මහතාගේ ඡන්ද ලක්ෂ 2ක් , ඩග්ලස් දේවානන්ද මහතාගේ ඡන්ද ලක්ෂයක්, අතාවුල්ලා, හසන් අලි, බෂීර් සේගු දාවුද් යන මහත්වරුන්ගේ ඡන්ද ලක්ෂයක් යන සියලු ඡන්ද එක්කළ විට ඡන්ද ලක්ෂ 68ක් ගෝඨාභය මහතාට හිමිවනු ඇති බවයි.

පසුගිය පළාත්පාලන මැතිවරණයේදී  එක්සත් ජාතික පක්ෂයට ලබාගත හැකිවූයේ ඡන්ද ලක්ෂ 36ක් බවත් රවුෆ් හකීම්ගේ ඡන්ද ලක්ෂයක්, රිෂාඩ් බද්යුදීන් ගේ ඡන්ද ලක්ෂයක් දෙමළ සන්ධානයේ ඡන්ද ලක්ෂ තුනත් ඇතුළුව මුළු ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 41 ක් සජිත් ප්‍රේමදාස මහතාට ලැබුණද කුඩා දරුවකු වුවත් දන්නා පරිදි ලක්ෂ 68 යනු ලක්ෂ 41 කට වඩා වැඩි අගයක් බව අලි සබ්රි මහතා පෙන්වා දුන්නේය.

“එක්සත් ජාතික පක්ෂ පාලන කාලයේ යාපනය පුස්තකාලය ගිනිබත් කරනු ලැබුවා. 1983 දී දෙමළ ජනතාවට ප්‍රහාර එල්ල වුණා. ප්‍රේමාදස යුගයේ සිංහල තරුණයින් විශාල ප්‍රමාණයක් ඝාතනය වුණා. මුස්ලිම් ජනතාව බුරුතු පිටින් ඝාතනය වුණා. 77 ,000 ක් මුස්ලිම් ජනතාව ෂොපින් බෑග් එකක් සමඟ උතුරු නැගෙනහිරින් පිට කළා. ඉතිහාසය වෙනස් කළ නොහැකියි” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් එහිදී ප්‍රකාශ කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *