“එක්සත් ජාතික පක්ෂය පමුඛ සන්ධාන ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ඒකායන අරමුණ විය යුත්තේ පක්ෂ අපේක්ෂක ග්‍රහණය කිරීම සඳහා උපරිම වෙහෙසීමන් සහ කැපකිරීමෙන් කටයුතු කිරීම මිස ප්‍රතිවාදී අපේක්ෂකයන්ට ජම්පර් ඇන්දවීම නොවන බව අග්‍රාමාත්‍ය රනිල් විත්‍රමසිංහ පවසයි.
අගමැතිවරයා මේ බව කියා සිටියේ පසුගියදා අරලියගහ මන්දිරයේ පැවැති හමුවකදීය.
ප්‍රතිවාදී අපේක්ෂකයන්ට ඡම්පර ඇන්දවීම නොව පක්ෂ අපේක්ෂක ජයග්‍රහණය කරවීම සියලුම මැති ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන්ගේ අරමුණ විය යුතුයැයිද එජාප මැතිවරණ ව්‍යාපාරය ඉතා විනීත හා වැදගත් අයුරින් ඉදිරියට ගෙන යා යුතු බවද අගමැතිවරයා එහිදී අවධාරණය කළේය.
මීට පෙර සජිත් ප්‍රේමදාස අපේක්ෂකයා කරන ලෙස ඉල්ලමින් මතුගම පැවැති රැලියකදී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ කියා සිටියේ නොවැම්බර් 17 සජිත් ජයගත් පසු ගෝඨාභයට ජම්පර් අන්දන බවකි. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ බොහෝ දෙනා සිය විරෝධය පළ කළහ.
(Image – Ceylon Today)