සඳහිරු සෑයට රත්තරන් දුන් හැටි මහින්ද කියයි

සඳහිරු සෑයේ තැන්පත් කිරිම සඳහා හිටපු ජනාධිපතිවරයා හා මුදල් ඇමැතිවරයා වශයෙන්  තමා රත්රන් ලබාදුන්නේ නීත්‍යනුකුල ක්‍රම අනුවයැයි විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. හිටපු
ජනාධිපතිවරයා වශයෙන් තමා දුන් තීන්දුවත් වැරදියට සලකමින් ආණ්ඩුව රාජ්‍ය නිලධාරීන්ගෙන් පළිගන්නා බවද රාජපක්ෂ මහතා කියා සිටියි.

කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවැත්වූ ව්‍යාපාරික හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.

“ත්‍රස්තවාදී යුද්ධය අවසන් කළාම ඒ වෙනුවෙන් සෑයක් හදන ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් ආවා. ඒ අනුව යුද ජයග්‍රහණය සැමරීමට සෑයක් හදන්න ආණ්ඩුව තීන්දු කළා. ආරක්ෂක මණ්ඩලයේදීත් ඒ ගැන සාකච්ඡා කර එම සෑයේ තැන්පත් කරන්න නීත්‍යනුකූලව රත්තරන් ලබාදුන්නා. එය ජනපතිවරයා හා මුදල් ඇමැතිවරයා ලෙස මා ගනු ලැබූ නිත්‍යනුකූල තීන්දුවක්. එයත් වැරදි ලෙස සලකමින් නිලධාරීන්ගෙන් පළිගැනීම හොඳ දෙයක් නොවේ“ යනුවෙන් ද විපක්ෂ නායකවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *