LK reports news sinhala

ජනපති – ගෝඨා – මහින්ද හා බැසිල් හමුවක් අද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද(28) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට නියමිත බව වාර්තා වෙයි. ඒ සඳහා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාද එක්වීමට නියමිතය.

මෙම හමුවීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර එකගතාවයෙන් ජනපතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ඊයේ (27) රාත්‍රියේ පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැති බව වාර්තා වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන සඳුදා දිනයේ පැවැත්වීමට නියමිතය. ඊට පෙර මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වීම විශේෂත්වයක්වූ අතර පැය දෙකකට ආසන්න කාලයක් රැස්වීම පැවැති බවයි වාර්තා වන නමුත් එහිදී එළැඹුණු තීරණ සම්බන්ධයෙන් කිසිවක් වාර්තා නොවේ.

(Image – The Hindu)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *