ගුරු විදුහල්පතිවරු අද සිට අකුරට වැඩ, විසදුම් නොලැබුණොත් දින 5ක වර්ජනයක්

Share this Article

ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් අද දිනයේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයකට එළැඹිමට තීරණය කර ඇති බවට වාර්තා වේ. ඒ, අධ්‍යාපන බලධාරීන් විසින් වැටුප් විෂමතා ඇතුළු සිය ඉල්ලීම්වලට නිසි විසදුමක් ලබානොදීම හේතුවෙන්.

සිය ඉල්ලීම්වලට නිසි විසදුමක් නොලැබුණහොත් ලබන 16 වනදා සිට දින 5 ක වර්ජනයක් අරඹන බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසා සිටින්නේ.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවන්නනේ මේ වනවිට රජයේ කටයුතු සිදුවන්නේ අතුරු සම්මත ගිණුමක් හරහා බැවින් ඉදිරි අයවැයේදී ඔවුන්ගේ වැටුප් විෂමතාවලට විසදුමක් ලබාදීමට පියවර ගන්නා බවයි.


Share this Article

Leave a Reply

Your email address will not be published.