Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ගෑස් සිලින්ඩරයේ ධාරිතාව ලීටර් වෙයි

ගෑස් සිලින්ඩරයේ ධාරිතාව ලීටර් වෙයි

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරයකින් තොරව නව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් වෙළෙඳපොළට හඳුන්වාදීම පිළිබදව වාර්තාවක් කැඳවීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදාළ සමාගම දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව එම අධිකාරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළ අතර අදාළ සමාගම විසින් හඳුන්වා දුන් නව ගෑස් සිලින්ඩරයේ ධාරිතාව කිලෝග්‍රෑම් වෙනුවට ලීටර් මගින් දක්වා තිබීම ගැටලු සහගත තත්ත්වයක් බව හෙතෙම පැවසුවේය.

නව නිෂ්පාදනයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට ඕනෑම සමාගමකට අවසරහිමි වුවද අදාළ නිෂ්පාදනයේ නියමිත පරිදි බර සඳහන් කළ යුතු වේ.

එමෙන්ම වෙ‍ළෙඳපොළේ පවතින කිලෝග්‍රෑම් 12 යි දශම 5 ක ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල දැක්වෙන්නේ රුපියල් 1493 ක් ලෙසය.

නව ගෑස් සිලින්ඩරයේ අඩංගු ගෑස් ප්‍රමාණය ලීටර් 18 ක් ලෙස දක්වමින් රුපියල් 1395ක මිලකට පාරිභෝගිකයාට සහනයක් ලබාදීමේ “ප්‍රීමියර් හයිබ්‍රිඩ්“ නමින් ලිට්‍රෝ සමාගම විසින් නව නිෂ්පාදනය හඳුන්වා දී තිබේන අතර එහි අඩංගු වන ගෑස් ප්‍රමාණය සිලින්ඩරයේ දක්වා ඇති ප්‍රමාණයට වඩා අඩු අගයක් ගන්නා බව සඳහන් වේ.

මේ හේතුවෙන් අදාළ තොරතුරු නිසි ලෙස දක්වමින් වාර්තාවක් ලබාදෙන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම් දී ඇති අතර නව නිෂ්පාදනයේ සාම්පල ද එහි නිලධාරීන් විසින් ලබාගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

මේ අතර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ පාරිභෝගිික කටයුතු අධිකාරිය විසින් අදාළ සමාගම වෙත දැනුම්දී ඇත්තේ කිලෝග්‍රෑම් 12 යි දශම 5ක් ලෙස දැක්වෙන ගෘහස්ථ ගෑස් සිලින්ඩර මෙන්ම ලීටර් 18 ක් ලෙස දක්වා ඇති නව සිලින්ඩර ද වෙළෙඳපොළේ අලෙවිය සඳහා තබන ලෙසය.

කෙසේවෙතත් නව සිලින්ඩරයේ ද නියමිත බර ප්‍රමාණය සඳහන් කළ යුතු බවට අදාළ සමාගම වෙත එම අධිකාරිය විසින් දැනුම් දී තිබේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *