ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700 කින් ඉහළ දැමීම සඳහා අදාළ සමාගම් පාරිභෝගික සේවා අධිකාරියට ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.
එම ඉල්ලීම සළකා බැලීම සඳහා වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත්කරනු ලැබීය.
ලෝක වෙළඳපොළේ ගෑස් මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව මෙරට වෙළෙඳපොළ තුළද ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීම සඳහා අවසර ලබාදෙන ලෙස ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් පාරිභෝගික සේවා අධිකාරියට ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.