ගෘහස්ත ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල ඊයේ(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර ඇත. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ තීරණයක් අනුව මෙසේ ගෑස් මිල අඩු කර ඇති අතර ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 240කින් අඩු කෙරෙන අතර කිලෝග්රැම් 05ක ගැස් සිලින්ඩරයක මිල රුපියල් 95කින්ද, කිලෝග්රැම් 2.03ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 30කින්ද අඩු කෙරෙන බව එම අමාත්‍යාංශය පවසයි.
මිල සංශෝධනයට අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,493ක් වෙයි. කිලෝග්රැම් 05ක ලිට්රෝ ගැස් සිලින්ඩරයක නව මිල රුපියල් 598ක් වන අතර කිලෝග්රැම් 2.03ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 289ක් ද වේ.
අද සිට මෙම මිල සංශෝධනයන් උල්ලංඝණය කරමින් කටයුතු කරන වෙළඳසල් හිමියන් සොයා වැටලීම් සිදුකරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීයට උපදෙස් ලබා දී ඇති බවද සඳහන් වෙයි.