Lk reports news sinhala

ජනපතිවරණ ඉතිහාසයේ වැඩිම අපේක්ෂක සංඛ්‍යාව මෙවර – ඡන්ද වියදමත් ඉහළට

මෙවර ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයින් ගණන මේ වනවිට 33 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරණයකට ඉදිරිපත්ව සිටින වැඩිම අපේක්ෂකයින් ගණන මෙය වේ.

ඊයේ දිනය තුළ පමණක් අපේක්ෂකයින් 12 දෙනෙකු ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය. ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ සහ කුමාර වෙල්ගම ද වෙති.  පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කළ අතර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් ගණන ඉහළයාම හේතුවෙන් මෙවර ජනාධිපතිවරණයේ වියදම ද ඉහළයනු ඇති බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. එහි සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ තවත් ප්‍රායෝගිය ගැටලු ගණනාවකට මුහුණ දීමට ද සිදුවන බවයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *