LK reports news sinhala

උසාවි තීන්දුවෙන් පසු රට පුරා සතුට සැමරුණු අයුරු – ගෝඨාත් එක්වෙයි (වීඩියෝ සහිතයි)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කරමින් අධිකරණය තීන්දුව ලබාදීමෙන් පසු රට පුරා ජනතාව රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා කළහ.

කොටුව, මහනුවර, ගාල්ල, කළුතර, පානදුර, කෑගල්ල, කුරුණෑගල, අනුරාධපුර, බදුල්ල, බණ්ඩාරවෙල, මාතර, හම්බන්තොට, නිට්ටඹුව ආදී ප්‍රදේශ රැසක මෙසේ මග දෙපස රතිඤ්ඤා දැල්වූ පිරිස් ගෝඨාභය මහතාගේ ඡායාරූපද රැගෙන ප්‍රීති ඝෝෂා පවත්වන අයුරු දක්නට ලැබිණි. ඒ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද සිය නිල නිවසේ සිට සතුට සැමරූ අතර පසුව ගෝඨාභය රාජපක්ෂ මහතාද සතුට සැමරීමට බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිස සමග විපක්ෂ නායකවරයාට එකතු විය. කේක් කපා ගෝඨාභය මහතා සතුට සැමරූ අයුරු පහත වීඩියෝවෙන්….

(වීඩියෝව – උපුටා ගැනීම : gossiplankanews.com)

Leave a Reply

Your email address will not be published.