රුපියල් කෝටි දෙකක් පමණ වටිනා රන් බිස්කට් 18 ක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන ඇත.
ඒ, ගුවන් තොටුපොල පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසිනි.
සැකකරු ඕමානයේ මස්කට් නුවර සිට සිය ශරීරයේ සඟවා මෙම රන් බිස්කට් රැගෙනවිත් තිබූ බවපොලීසිය පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වැඩිදුර විමර්ශන සදහා ඔහු ගුවන් තොටුපොල රේගු නිලධාරීන් වෙත භාරදී ඇත.