ධීවරයින්ට හා නාවිකයින්ට අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසුවේ,ගිණිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය විය හැකි බැවින් ඉදිරි දින කිහිපයේ දී දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමේ හැකියාව පවතින බවයි.

මැයි මස 14 වන දින සිට අඩු පීඩන තත්ත්වය වර්ධනය වන අතර එම පද්ධතිය ක්‍රමයෙන් වයඹ දෙසට ගමන් කරමින් සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දී කන්කසන්තුරය සිට මන්නාරම සහ කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මේ හේතුවෙන් ඉහළ ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාද කරයි.

දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට ද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *