Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

කොළඹ සිට අභ්‍යන්තර ගුවන් ගමන් තහනම ඉවතට

කොළඹ සිට අභ්‍යන්තර ගුවන් ගමන් තහනම ඉවතට

කොළඹ සිට රටේ අභ්‍යන්තර ස්ථානවලට මගීන් ප්‍රවාහනය කිරීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පෞද්ගලික අංශයේ දේශීය ගුවන් සමාගම්වලට ඊයේ (16) අවසර ලබා දී තිබේ.

ආරක්ෂක හේතූන් මත වසර 25 ක් තිස්සේ ජනාකීරණ කොළඹ නගරයේ සිට අභ්‍යන්තර මගී ප්‍රවාහන ගුවන් සේවා කටයුතු තහනම් කර තිබූ අතර ඊයේ එම තහනම ඉවත් කර තිබේ.

මේ නිසා කොළඹ නගරයේ අලුතින් ඉදිකළ ගුවන්පථයේ සිට සංචාරකයින්ට අභ්‍යන්තර ගුවන් සේවා පහසුකම් සලසාගැනීමට අවස්ථාව උදාවේ.

කොළඹ නගරයේ ප්‍රමුඛ සංචාරක හෝටල්වලට සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරිපිට නව ගුවන් පථයක් ඒ සඳහාම අලුතින් ඉදිකර තිබේ. සංචාරකයින්ට එතැන් සිට මහනුවර , හම්බන්තොට , ගාල්ල , මාතර , යාපනය , සීගිරිය , ආරුගම්බේ සහ පොළොන්නරුව වැනි වැදගත් ස්ථානවලට ගුවන් ගමන් සේවා පහසුකම් ලබාගත හැකිය.

මෙතෙක් ලංකාවේ අභ්‍යන්තර ගුවන් සේවා ලබාගත හැකි වුයේ රත්මලාන ගුවන්තොටුපලේ සිට වූ අතර ඒ සඳහා කොළඹ නගරයේ සිට පැයක පමණ කාලයක් ගෙවා එහි යෑමට සිදුව තිබිණ. මෙම ගුවන් සේවා ආරම්භ කිරීමට දේශීය ගුවන් සමාගම් හතරක් ඉදිරිපත්ව තිබේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *