Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නීතිපතිගේ උපදෙස් අනවශ්‍යයි – බිමල් රත්නායක

වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නීතිපතිගේ උපදෙස් අනවශ්‍යයි – බිමල් රත්නායක

වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයාගේ උපදෙස් පිළිගැනීමට පාර්ලිමේන්තුව බැඳි නොමැති හෙයින් එය කඩිනමින් සභාගත කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි. මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය

එමෙන්ම රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත්කිරීමේදී සිදුව ඇති ප්‍රමාදයන් හා දෝෂ සහගත තත්වයන් පිළිබඳව ද මන්ත්‍රීවරයා අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා,

“ජාතික ගමනාගමන මණ්ඩලයේ සභාපතිධුරයට ශශී වෙල්ගම පත්කිරීම ප්‍රශ්නයක්.
අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා, රාජ්‍ය ආයතන රැසක අධ්‍යක්ෂ මණ්ඩල පත්කරලා නැහැ. සභාපතිට විතරක් තීන්දු ගන්න බැහැ, ආණ්ඩුව බලයට පත්වෙලා වැඩ කෙරිලා නැහැ.
මාර්තුවල මහ මැතිවරණය එනවා සමහර අමාත්‍යාංශවලට සභාපතිවරු පත්කරලා නැහැ. රාජ්‍ය ආයතන අකාර්යක්ෂම වෙනවා, ගොවියන්ට පොහොර ගන්න නැහැ.

මහබැංකු හොරකම ගැන , වෝහාරික විගණනක් කිරීම කෝප් කමිටුවේ නිර්දේශයක්, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව වාර්තා නොදී යටගහලා තියෙද්දී පාර්ලිමේන්තුව දෙවනත් කළ අය බලයට ඇවිත් කියනවා වාර්තා එපාලු.

කෝටි 90 වැයකරමින් සැකසූ වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පාර්ලිමේන්තුවට පිළිගන්නත් පුළුවන්, පාර්ලිමේන්තුවට නොපිළිගන්නත් පුළුවන්, ඊට ව්‍යවස්ථාවෙන් බැඳී නැහැ”

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *