කොළඹ විශ්ව විද්‍යාල සිසුන් 12 දෙනා හෙට (14) දක්වා රිමාන්ඩ්

පසුගියදා කොළඹ විශ්වවිද්‍යාලයේ ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද සිසුන් දොළොස්දෙනා හෙට (14) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කෙරිණි.

ඊයේ (12) දින රක්ෂිත බන්ධනාගාර ගත කෙරූ මෙම සිසුන් පිරිස අද(13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව හඳුනාගැනීමේ පෙරෙට්ටුවට යොමු කරනු ලැබුවා. එහිදී සාක්ෂිකරුවන් විසින් මෙම සැකකාර සිසුන් දොළොස් දෙනා හඳුනාගත් බව ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයට දන්වා සිටියා. ඔහු වැඩිදුරටත් දන්වා සිටියේ
නවකවදය මුල්කරගෙන ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. ඒ අනුව සැකකරුවන් 12 දෙනා හෙට (14) දින දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත් හෙට දින ඔවුන්ගේ ඇප ඉල්ලීම සලකා බලන බවද නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *