කොළඹ රථ වාහන තදබදය වැඩිවී වේගය 5 kmph දක්වා අඩුවීමේ හැකියාවක්

අධික වාහන තදබදය නිසා කොළඹ නගරයේ වාහන ධාවන වේගය පැයට කිලෝ මීටර් 7 ත් 8 දක්වා පහළ ගොස් තිබේ. එමෙන්ම වාර්ෂිකව ධාවනය එකතු කෙරෙන වාහන සංඛ්‍යාව 10%කින් ඉහළ ගියද ඊට සමගාමීව මාර්ග පුළුල්වී ඇත්තේ 3% ක ප්‍රතිශතයකිනි.

මේ නිසා ඉදිරි වසර කිහිපය තුළ කොළඹ හා ඒ ආසන්න නගර ආශ්‍රිතව රථවාහන වේගය පැයට කිලෝමීටර් 05 දක්වා අඩු වෙතැයි ප්‍රවාහන සේවා පිළිබඳ විශේෂඥයින්ගේ මතය වී ඇතැයි ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ඉදිරි කාලය තුළ ඉන්ධන ප්‍රවාහනය දුම්රිය මගින් සිදු කිරීම යළිත් ඇරඹීටත්, කන්ටේනර් වෙනුවට දුම්රිය උපයෝගි කරගෙන භාණ්ඩ ප්‍රවාහනයටත් පියවර ගැනීම මගින් මාර්ග තදබදය තරමක් දුරට අඩුවිය හැකි බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *