සිම්බාබ්වේ – ශ්‍රී ලංකා පිතිකරුවෝ තරගය අතට ගනිති

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 122ක් ලබා සිටී.
ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන නායක දිමුත් කරුණාරත්න හා ඕෂධ ප්‍රනාන්දු ලකුණු 44 බැගින් ලබාගත්හ.
කුසල් මෙන්ඩිස් හා ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ක්‍රීඩාකරමින් සිටී.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ ක්‍රීඩකයින් සියලු දෙනා දැවී ලකුණු 406ක් ලබාගත්තේය. එහිදී ශතකයක් රැස්කළ සීන් විලියම්ස් ලකුණු 107ක් ලබාගත් අතර සිකන්දර් රාසා හා බ්‍රෙන්ඩන් ටේලර් අර්ධ ශතක ලැබූහ. පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 4ක් හා ධනංජය සිල්වා කඩුලු 3ක් බිද හෙළූහ.
දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *