කොළඹ ප්‍රධාන පාසලක සිසුවෙකුගේ මවට කොවිඩ්, පවුලේ සියළුම සාමාජිකයන් නිරෝධායනයට

Share this Article

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ සිසුවකුගේ මවට කොරෝනා ආසාදිතව ඇති බවට වාර්තා වීමත් සමග එම සිසුවා ඇතුළු පවුලේ සියලුම සාමාජිකයන් නිරෝධායනයට ලක්කොට ඇති බව එම පාසැල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

පවු‌ලේ සියලු දෙනාටම මේ වනවිට PCR පරීක්ෂණ සිදු කොට ඇති බවත්, එහි ප්‍රතිඵල ලැබුණු සැණින් සියලු දෙනා දැනුවත් කිරීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්. පාසලේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු සියලු පියවර මේ වනවිට රැගෙන ඇති බවද එම නිවේදනයේ සදහන් වේ.


Share this Article

Leave a Reply

Your email address will not be published.