ඊයේ (27) දිනයේදී සිදුකරන ලද PCR පරීක්ෂණ වලින් කොරෝනා ආසාධිත පුද්ගලයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමගම කොළඹ 05, නාරාහේන්පිට, මුහින්දරම් දාබරේ මාවත හුදෙකලා ප්‍රදේශයක් බවට පත් කර තිබෙන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කරයි. අදාළ ප්‍රදේශයෙන් මීට පෙරද එක් කොරෝනා රෝගීයෙක් වාර්තා වීම හේතුවෙන් දින දෙකක කාලයක් සිදුකළ PCR පරීක්ෂණ මගින් මෙම නව රෝගීන් දෙදෙනා සොයා ගැනීමට හැකිවී තිබේ.
එමෙන්ම කොළම බණ්ඩාරනායක මාවතේ සිට ටොරිංටන්, 60 වත්ත ප්‍රදේශට පැමිණ රැඳී සිටි පුද්ගලයෙකුටද කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කරයි.
මීට අමතරව කොළඹ මහ නගර සභාවේ පවිත්‍රතා අංශයේ සේවය කරන හැව්ලොක් ලේන් හී පදිංචි අයෙකුටද කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට ඊයේ දිනයේදී හඳුනා ගෙන තිබේ. එම සේවකයා කටයුතු කළ ලොරි රථයේ රියදුරු කොළඹ, බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවෙක් බවටයි වාර්තා වී ඇත්තේ.