කොවිඩ් රෝගී තත්වයන් සැගවීමට උත්සාහ කරන අයගේ දේපලත් තහනම් කිරීමට පියවර

කොවිඩ් රෝගී තත්ත්වය වසන් කරන පුද්ගලයන්ටත්, එම රෝගීන් සැඟවීමට ආධාර අනුබල දෙන පුද්ගලයන්ටත් එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එමෙන්ම එම රෝගීන් සඟවා තැබීමට යොදාගත් නිශ්චල හෝ චංචල දේපොළද නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනත ප්‍රකාරව තහනමට ලක් කරන බවද අවධාරණය කරනවා.

ඒ මහතා සඳහන් කරන්නේ කොවිඩ් රෝගී ත්ත්ත්වයන් පිළිබඳ සොයා බැලීමේදී සහ විමර්ශනයේදී ඇතැම් පුද්ගලයන් තම රෝගී තත්ත්වයන් හෝ තමා ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු සැඟවීමට උත්සාහ දරන අවස්ථා කිහිපයක් පිළිබඳ වාර්තා වී ඇති නිසා මෙම තීරණය ගත් බවයි.

මේ අතර ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී අනාවරණය වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 1034ක් සොයාගෙන ඇතත් ඊයේ (07) පස්වරු වන විට රෝහල් ගත කර ඇත්තේ රෝගීන් 528ක් පමණක් බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *