කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් සිව් දෙනෙක් මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (23) දිනයේ තහවුරු කර තිබේ.
ඒ අනුව කොවිඩ් වෛරසය ආසාදනයවීමෙන් මෙරටදී මියගිය සමස්ත රෝගීන් සංඛ්‍යාව 638කි.
එලෙස මියගොස් ඇත්තේ, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, වත්තල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි කාන්තාවක් සහ මහරගම ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවකි.