කොවිඩ්

කොවිඩ් මරණ 4ක් – විදෙස් ජාතිකයින් දෙදෙනෙකුත් ඒ අතර

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 4 දෙනෙක් මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයෙ(24) දිනයේ තහවුරු කර තිබේ.

ඒ අනුව කොවිඩ් වෛරසය ආසාදනයවීමෙන් මෙරටදී මියගිය සමස්ත රෝගීන් සංඛ්‍යාව 642කි.

එලෙස මියගොස් ඇත්තේ කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි විදේශික පිරිමි පුද්ගලයෙක්, රත්ගම ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 4 ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි විදේශික පිරිමි පුද්ගලයෙකි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *