Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

කොවිඩ් උවදුර සඳහා අවසන් විසඳුම එන්නත්කරණය පමණයි – ජනපති

කොවිඩ් උවදුර සඳහා අවසන් විසඳුම එන්නත්කරණය පමණයි – ජනපති

කොවිඩ් වසංගතය පැතිර ගිය පළමු වටයේ දී සිදුකළ මෙන්, මෙම අභියෝගය ද සාර්ථකව ජය ගැනීමට නම් සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති සියලු නීතිරීති හා උපදෙස් ජනතාව අකුරටම පිළිපැදිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, කොවිඩ් -19 වසංගත උවදුරට අවසන් විසඳුම එන්නත්කරණය පමණක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙන බවය. ජනතාවට එන්නත ලබාදීම සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව ඇති බවද එහි දැක්වේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ,

“ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට අනුමත කර ඇති සහ ඉදිරි කාලය තුළ අනුමත කිරීමට නියමිත කොවිඩ් මර්දන එන්නත් අතරින් හතරක්ම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය විධිවිධාන සකසා තිබේ. ප්‍රථමයෙන් ගෙන්වනු ලැබූ ඇස්ට්‍රාසෙනෙකා එන්නත පුද්ගලයින් 925,242කට මේ වනවිට ලබාදී ඇත. එම එන්නතේ දෙවන මාත්‍රව ලබාදීම මැයි මස මුල සතිය තුළ ආරම්භ කිරීමට නියමිතය. ඉදිරි පෙළ සෞඛ්‍ය නිලධාරීන්, කොවිඩ් මර්දනයේ නිරත ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් ඇතුළුව 356,000ක් දෙනාට දෙවැනි මාත්‍රාව දෙනු ලැබේ. ඉතිරි අවශ්‍යතාව සපුරාගැනීම සඳහා ඇස්ට්‍රාසෙනකා එන්නත නිෂ්පාදනය කරන ලෝකයේ සෙසු ආයතන සමග රජය දැන් සාකච්ඡා කරමින් සිටී.” 

“රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ මාත්‍රා 200,000 අප්‍රේල් අවසානයේ දීත්, මාත්‍රා 400,000ක් මැයි මාසයේදීත්, මාත්‍රා 800,000ක් ජූනි මාසයේදීත්, මාත්‍රා 1,200,000ක් ජූලි මාසයේදීත් ගෙන්වා ගනු ලැබේ. ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 13ක් ගෙන්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලැබී ඇත.”  

පරිත්‍යාගයක් ලෙස චීනයෙන් ලැබී ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා 600,000 ඉදිරි සති කිහිපය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබීමත් සමග මෙරට ජනතාවට ලබාදීමට සැලසුම් කර ඇත.”

“මීට අමතරව රාජ්‍ය ඖෂධ සංස්ථාව ෆයිසර් එන්නත ගෙන්වීම සඳහා අවශ්‍ය මූලික ගිවිසුම් දැටනමත් අත්සන් කොට ඇති අතර එම එන්නත හැකි ඉක්මණින් ගෙන්වා ගැනීමට රජය ක්‍රියාකාරමින් සිටී.”

“කොවිඩ් 19 ව්‍යාප්තිය පිටුදැකීමේ කොඳුනාරටිය වනුයේ මූලික මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඊයේ (24) ජිනීවා නුවරදී යළිත් වරක් අවධාරණය කළේය. නිසි පරිදි මුහුණු ආවරණය, සබන් හෝ විෂබීජ නාශක යොදා විටින්විට දෑත් සේදීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, අනවශ්‍ය ගමන් බිමන්වලින් සහ උත්සව, සාද වැනි ඒකරාශීවීම්වලින් වැළකී සිටීම ඒ අතර ප්‍රධාන තැන ගනී.”  

“සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම හා ශික්ෂණයක් සහිත විනයගරුක සමාජ චර්යාව වෛරස ව්‍යාප්තිය නතර කිරීමට සාර්ථක විසඳුමක් බව එවැනි ශික්ෂණයක් පෙන්නුම් කළ සියලු රටවල අත්දැකීමය.” 

“කොවිඩ් 19 උවදුරට විසඳුමක් ලෙස යම් කලකට රට වසා දැමිය යුතු යැයි සමහරු කල්පනා කරති. ආරම්භක අවස්ථාවේදී එවැනි ක්‍රියාමාර්ගයකින් සතුටුදායක ප්‍රතිඵල අත්වුවද දිගුකාලීනව එය ජන ජීවිතයට සහ ආර්ථිකයට අතිශය හානිකර බලපෑම් ඇති කරයි. ආර්ථික ක්‍රියාකාරිත්වය මුලිමනින් අඩපණ කරන අගුල් දැමීම් හෝ ඇඳිරි නීතිය පැනවීම් ශ්‍රි ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට කළ නොහැකිය. අප රටේ ආදායම් උපයන්නන්ගෙන් බහුතරය අවිධිමත් ජීවනෝපාය මාර්ග මත යැපෙති.” 

එබැවින් රජය සිය කාර්ය ඉටුකරන අතර, ජනතාව රටේත්, තමාගේත් සුබ සිද්ධිය තකා ස්වකීය වගකීම සහ යුතුකම ඉටුකළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *