කොරෝනා වෛසරය ගැන අසත්‍ය තොරතුරු ප්‍රචාර කරන්නන්ට නීතිමය පියවර

කොරෝනා වෛරසය ආසාධනය වීම සම්බන්ධව සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හමු වී ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සාවද්‍ය තොරතුරු මේ වන විට සංසරණය වෙමින් පවතින බවත් ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාධනය වු එක් පුද්ගලයෙකු දැනට හඳුනාගෙන ඇති බවත් ඔහු කොළඹ උණ රෝහලේ ප්‍රතිකාර ගන්නා බවත් එම නිවේදනයෙන් වැඩි දුරටත් දැක්වෙයි. එමෙන්ම එම පුද්ගලයාගේ පවුලේ කිසිදු සමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මේ වනතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවත් පොලීසිය පවසයි.

ඒ අනුව සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙසත්, අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *