කොරෝනා

කොරෝනා වෛරසය ආසාදනය වු බවට සැක දෙදෙනෙක් පොළොන්නරු රෝහලට

නව කොරෝනා වෛරසය ආසාදනය වු බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙක් අද (12) උදෑසන පොළොන්නරු රෝහලට ඇතුළත් කර තිබේ.

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු හා සෝමාවතිය ප්‍රදේශයේ වන්දනාවේ පැමිණි අයෙක් මෙලෙස රෝහල් ගත කළ බව වාර්තා වෙයි.

මෙම රෝගීන් දෙදෙනාම ඉතාලියේ සිට පැමිණි අය වන අතර ඒ අතුරින් සෝමාවතිය ප්‍රදේශයේ වන්දනාවේ ගොස් සිටියදී රෝහල් ගත කළ පුද්ගලයා මාර්තු 10 දිනට පෙර ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙකු බවයි වාර්තා වෙන්නේ.

එම පුද්ගලයා සිය පවුලේ සාමාජිකයින් සමඟ රට පුරා ස්ථාන කිහිපයක සංචාරය කර ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ විදෙස් රටවලින් මාර්තු 10 දිනට පෙර මෙරටට පැමිණි පුද්ගලයින් තම නිවෙස්වල සිට නිරෝධායන කටයුතුවල නිරතවන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *