කොරෝනා වෛරස් තත්වය දරුණු වූවොත් කතෝලික සභාවෙන් පාලනය වන සියලුම පාසල් වසා දමනවා

කොරෝනා වෛරසය පාලනය කරගැනීමට නොහැකි වන තත්වයක් ඇතිවුවහොත් කතෝලික සභාව මගින් පාලනය වන සියලුම පාසල් වසා දමන බවටත් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඒ සම්බන්ධ නිලධාරීන් ගන්නා තීන්දු තීරණ වලට ද එකඟව කටයුතු කරන බවත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ. එතුමන් මේ බව ප්‍රකාශ කළේ බොරැල්ල අගරදගුරු මැදුරේ අද (28) පැවති මාධ්‍ය හමුවකදීයි.

වැඩිදුටරත් අදහස් දැක්වූ කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කර සිටියේ මෙම තත්ත්වය සැළකිල්ලට ගෙන චීනයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් රජයට ස්තූතිය පළ කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *