අනිල්

විශේෂ වෛද්‍ය කණ්ඩායම්, සෞඛ්‍ය නිලධාරී, කාර්යමණ්ඩල වෙනුවෙන් චක්‍රලේඛයක්

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම වෙනුවෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා විශේෂ උපදෙස් මාලාවක් සහිත තාක්ෂණික චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. අද (28) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ මහතා මේ බව සඳහන් කළේය.

ගුවන් තොටුපළට අනුයුක්ත කර ඇති විශේෂ වෛද්‍ය කණ්ඩායම්, සෞඛ්‍ය නිලධාරීන් මෙන්ම සියලු රෝහල් කාර්ය මණ්ඩලද මුඛ ආවරණ, අත්වැසුම් සහ හිස් ආවරණ පැළඳීම අනිවාර්යය කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය මුඛ ආවරණ, අත්වැසුම් සහ හිස් ආවරණ ඇණවුම් කර ඇති බවත්, ඊට අමතරව මෙම වෛරසය පැතිර යාම අවම කිරීම වෙනුවෙන් පිටු 4 කින් සමන්විත විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *