කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක පිට ජාතික බෝ වන රෝග විද්‍යායතනය වෙත ඇතුළත් රෝගියෙකුට එම වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරුවීමෙන් පසු රෝහලෙන් පිටත්ව ගිය බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා.
නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට සැකකෙරෙන චීනයේ වුහාන්හි අධ්‍යාපනය ලබා ශ්‍රී ලාංකික තරුණියක් හා මෙරට සංචාරය සඳහා පැමිණි චීන ජාතික කාන්තාවක් ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඊයේ (25) ඇතුළත් කෙරුණු අතරඔවුන්ගේ රුධිර සාම්පල කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතන වෙත යොමු කිරීමට ද කටයුතු කර තිබෙනවා.
මෙම වෛරසය ආසාදනය වූවන්ට ප්‍රතිකාර කරන ජාතික බෝවන රෝග විද්‍යායතනයට රෝහල් කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ආරක්ෂිත ඇඳුම් කට්ටල ද යොදා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කර සිටියා.