LK reports news sinhala

කොරෝනා වෛරසයෙන් ජනතාව සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර ගන්න – ජනපති උපදෙස් දෙයි

බටහිර හා දේශීය වෛද්‍ය ක‍්‍රම පිළිබඳ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් කැඳවා නව කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් සුව කිරීමට අවශ්‍ය තොරතුරු ලබාගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. සෞඛ්‍යය, විදේශ සබඳතා, සංචාරක, උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් සහ නිලධාරීන් සමග ජනාධීපති කාර්යාලයේ ඊයේ (31) පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දී තිබෙනවා.

නව කොරෝනා වෛසරය ශරීරගත ව මෙරටින් වාර්තා වූ පළමු රෝගියා වන චීන ජාතික කාන්තාව මේවනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවනවා. වෛසරය රටතුළ පැතිරයාම වළක්වා ගැනීමට ද වෛද්‍යවරුන් සමත් ව තිබෙනවා. පූර්ණ කැපවීමෙන් ඊට සහය වූ සියලූ ක්ෂේත‍්‍රවල පිරිස් වෙත ජනාධිපතිවරයා එහිදී ප‍්‍රසාදය පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරන්නේ.

ජනතාව ආරක්ෂා කර ගැනීමට එම කි‍්‍රයාමාර්ගයන් අඛණ්ඩව ඉදිරියට ගෙන යන ලෙස ද ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබාදී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *