කොරෝනා බවට සැකපිට ඉතාලියේ සිට පැමිණි ලාංකිකයින් දෙදෙනෙක් IDH රෝහලට

නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 ආසාධිතවූ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයින් දෙදෙනක් අංගොඩ පිහිටි IDH රෝහලට ඇතුලත් කර තිබේ. IDH රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක සඳහන් කලේ මෙම පුද්ගලයින් දෙදෙනා ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් පරීක්ෂණ සදහා අවශ්‍ය සාම්පල් මේ වන විට බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යවා ඇති බවත්ය.

මෙම පුද්ගලයින් දෙදෙනාට උණ සහ කැස්ස රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *